වකුගඩු වල ගල්

ඔබගේ වෛද්‍යතුමාට , ඔබගේ රෝග ලක්ෂණ සහ ඔබගේ රෝගී ඉතිහාසය මගින් වකුගඩු ගල් සම්බන්ධ රෝග විනිශ්චයකට පැමිනිය හැකිය. ඔබට කලින් වකුගඩු ගල් සෑදී ඇත්නම් එය ඉතා පහසු වේ. ඔබට සමහර පරීක්ෂණ ලබා දිය හැකිය. පහත ඒවාද ඇතුළු:

  • ආසාදන සහ ගල් වල කැබලි සදහා මුත්‍රා පරීක්ෂණ
  • ඔබ මුත්‍රා සමග පිට කරන ඕනෑම ගලක් සදහා පරීක්ෂණ
  • රුධිර පරීක්ෂණ ඔබගේ වකුගඩු හොදින් ක්‍රියා කරනවාද සහ වකුගඩු ගල් ඇති කල හැකි කැල්සියම් වැනි ද්‍රව්‍ය රුධිරයේ පවතින මට්ටම සොයා ගැනීම සදහා

වකුගඩු ගල් එකතු කිරීම සදහා ඔබට උපකරණ ලබා දිය හැකියි. ඔබගේ වෛද්‍යතුමාට,විශ්ලේෂණය සදහා වකුගඩු ගලක් තිබීම ඔබට වඩාත්ම ප්‍රතිලාභී ප්‍රතිකාර ක්‍රමය තෝරා ගැනීම සඳහා ඉවහල් වේ..

ඔබ දැඩි වේදනාවකින් සිටිනවානම්

වකුගඩු ගල් වලින් යැයි සැක සිතිය හැකි දැඩි වේදනාවකින් ඔබ පෙලෙනවා නම් ඔබේ වෛද්‍යතුමා ඔබව ඉක්මනින් ම ස්කෑන් පරීක්ෂණයක් සහ රෝහලක් සදහා යොමු කල යුතුයි:

  • වැඩිහිටියන් සදහා සී. ටී ස්කෑන් (CT scan)
  • ගර්භණී කාන්තාවන් සදහා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)
  • ලමුන් සහ වයස 16ට අඩු තරුන පිරිස් සදහා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan) පරීක්ෂණයක් - එයින් කිසිවක් සොයා ගැනීමට නොහැකි උනහොත් අඩු මාත්‍රාවේ සී. ටී. ස්කෑන් පරීක්ෂණයක් සලකා බැලිය යුතුයි